සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ප්‍රකාශ කළේ, බදු ඉහළ යාම සහ විදේශ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වෙළඳපොළේ ජනප්‍රිය වාහන මාදිලිවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක මිල ඉහළ ආසන්න වශයෙන් මේ ආකාරයෙන් ඉහළ යනු ඇති බවයි. එහ් අනුව වෙසල් රුපියල් 300,000 කින් පමණ, ටොයොටා රේස් රුපියල් 250,000 කින් පමණ,සුසුකි වැගන් ආර් රුපියල් 150,000 කින් පමණ ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.
පවතින ඉහළ ජීවන වියදම හමුවේ මෙම මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට අමතර පීඩනයක් වනු ඇති බවත්, එමඟින් වාහන වෙළඳපොළේ ඉල්ලුම තවදුරටත් පහත වැටිය හැකි බවත් ආනයනකරුවෝ අනතුරු අඟවති.
චතුරංග ප්‍රදීප්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන සේල් පිරිල. විකුණගන්න ගහන ගේමක් නේද?
ලංකාවෙ වාහන මිල කිසිම පාලනයක් නෑ ...අදික ලාබ තියන් විකුනනවා ...හාල් කිලෝ එකක් රැපියලක් වැඩියෙන් වික්කොත් නඩු දාන රටක වාහන සදහා නිතියක් නෑ ...ඉතින් රටක් දියුනු වෙයිද????මං හිතන්නැ මෙි අාන්ඩුව වත් මෙවා හදයිද කියලා.....හරිම කනගාටුයි
පරණ කබලක් අරන් හද හදා පදින එක සනීපයි.
අතේ සල්ලි තියෙන අයට ඕවා කජු ඇට, කොස් ඇට වගෙයි ! හැබැයි ඉතින් පොඩ්ඩන්ට වාහනයක් ගන්න පුළුවන් තරමට රාජ්‍යයේ ටැක්ස් නම් පහළ දාන්න ඕන!!!!
Dollar මිලියන 613ක වාහන ගෙන්වලා ගිය මාස තුනෙ,,,දැන් ඒවාට tax ගෙවන්න වාහන වල මිල වැඩි කරලා ජනතාවට බර පටවනවා,,,අපි පත්කර ගත්තෙ ජනතාවාදී ආණ්ඩුවක් නම් ඇයි මෙහෙම වෙන්නේ????
මේ මිනිස්සු හිතන් ඉන්නෙ මිනිස්සු මෝඩයෝ කියල Sscl එක sale කාරයෝ කොහොමත් ගෙව්වා. එතොකොට කොහොමද ගණන් යන්නෙ. දැන් පාඩුවෙන්නේ පුද්ගලිකව ගෙන්නනකොට විතරයි. අනික ඩොලර් එක ගණන් ගියේ මැයි පලවෙනිදද මුන්ට පිස්සු,