( ෂේන් සෙනෙවිරත්න)
කටුගස්තොට , ගුහාගොඩ ප්රදේශයේදී සිදුවූ බව කියන වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
අද (04) අලුයම 2.30 ට පමණ සිදුවූ බව කියන මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය කියයි.
වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා හන්තාන ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අංශයේ පරීක්ෂකවරයකු බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd