
(අංජුල මහික වීරරත්න)
වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන්නේ පරිසර අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්, තිරසාර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක්” යන තේමාව යටතේ පරිසර අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 19,719ක අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 සැලසුම් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
ඒ අනුව, පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ඔලුවිල් වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග විමසා බැලීමට ඒ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කර, වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd