(අංජුල මහික වීරරත්න)

ලෝකයේ වෙනත් රටවල් වල ක්‍රීඩාද මෙරටට හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව පැවසූයේ ජාතික යොවුන් සේනාංකයේ වීරකැටිය පුහුණු මධ්‍යස්ථානයේ නවීන වෙඩිපිටිය (Shooting Range) විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

දකුණු පළාතේ තරුණ තරුණියන්ගේ සහ පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම උදෙසා වීරකැටිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ මෙම වෙඩිපිටිය විවෘත කිරීම සිදු කෙරුණි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක්‍රීඩාවන් එකකට දෙකකට සීමා නොවී, ක්‍රීඩා අවස්ථාවන් තව තවත් පුළුල් කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.ඒ වෙනුවෙන් විවිධ ක්‍රීඩා හඳුනා ගනිමින් ලෝකයේ වෙනත් රටවල් වල ක්‍රීඩාද මෙරටට හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ජාතික ඔවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල හා ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල  මහත්වරුද එක් වූහ.