
(බී. ජී. චතුරංග)
යල කන්නයේ වී වගාව සඳහා පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව මෙම නවතම පිරිවැය වාර්තාව සකස් කර ඇත.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩ සටහන් පිළිබදව ගොවි සංවිධාන නියෝජිතයින් දැණුවත් කිරීම, ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ඊයේ (28දා) අනුරාධපුර පණ්ඩුලගම කොරකහාවැව පිහිටි පලාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ් අනුව රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76කි.
සුදු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 87ක් වන අතර සම්බා වී කිලෝවක් සඳහා වන නිෂ්පාදන පිරිවැය රුපියල් 97ක් බව අදාළ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම කීරි සම්බා වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 119ක් බව අදාළ වාර්තාවේ සඳහන්ය.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමකට අනුව, වී කිලෝවක පිරිවැයට සීයයට තිහක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවය.
රට තුළ ස්ථීර ආහාර සුරක්ෂිතතාවක් ඇති කිරීම සඳහා සියලු ගොවීන් එකමුතුව ජාතික සැලැස්මකට අනුව වගා කිරීමේ සංස්කෘතියකට අවතීර්ණ විය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. හුදෙක් ඉලක්කම් හා දත්ත ඉදිරිපත් කිරීමෙන් පමණක් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ නොහැකි බවත්, අභියෝග හමුවේ නොසැලී කෘෂිකාර්මික ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර ලාබ නම්, අපි කඩෙන් 200ට හාල් අරන් කන්නේ නැති බව මුන්ට තේරෙන්නේ නැති හැටි.