(ගයාන් සූරියආරච්චි) 

කොළඹ විශාකා විද්‍යාලට මේ වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරදීම සදහා අවශ්‍ය කටයුතු සලසාදීමට රුපියල් ලක්ෂ 3 ක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිඹිරිගස්යාය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකි.

වැල්ලවත්ත ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.