
(සුමති කුඩලිගම)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සෙත් පැතීමේ පිංකමක් කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ගංගාරාම විහාරස්ථ සීමාමාලකයේ දී පැවැත්විණි.
මෙරටට සිදුවු විපත් වලින් අසරණත්වයට පත්වු ජනතාවට ආශිර්වාදය පතා පැවැති පිරිත් දේශණය ශ්‍රවණය කිරීම සඳහා අගමැතිනි හරිනි අමරසුරිය මෙනවිය සහ බුද්ධ ශාසන ඇමැති හිනිදුම සුනිල් සෙනවි මහතා ඇතුළු පිරිසගේ සහභාගිවූහ. ආශිර්වාදාත්මක පිරිත් දේශනය ආරම්භ කිරිමට පෙර සධාතුක කරඩුව පිරිත් මණ්ඩප්පයේ තැන්පත් කිරිම ඇමැති සුනිල් සෙනෙවි මහතා සිදුකළ අතර ගිලන්පස බුද්ධ පුඡාව අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය සිදු කළාය.
ප්‍රධාන අනුශාසනාව කළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති කිරින්දේ අස්සජි නාහිමියෝ මෙසේ පැවැසූහ.
මේ විපත්ති දායක අවස්ථාවේ යළි රට ගොඩනැගිමටත් විපතට පත් ඡනතාවට සහන සැලසිමට දේශපාලන අධිකාරිය මෙන්ම රටෙි සියලු ජනතාව විශේෂයෙන් තරුණ කොටස් දිවා රාත්‍රී නොබලා කටයුතු කරනවා.
විශාල පරිත්‍යාගයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරිය අතුලු රාජ්‍ය තන්ත්‍රයම, විපක්ෂ නායකතුමා ඒවගේම සෑම පක්‍ෂයකම ප්‍රධානීන් ඇතුලු රටෙි සියලු ජනතාව රට යළි ගොඩනැගිමට ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් වෙනවා.
ආරක්ෂක අංශවල සෑම දෙනාටම එකතු වෙලා එකමුතුවෙන් රටපුරා වාසය කරන තරුණ ප්‍රජාව ඉදිරිපත් වෙලා අවස්ථානුකූලව සිදුකළ යුතු බොහෝ දේ නිමාවට පත් පත්කොට තිබෙනවා.
ඒ අනුවමහා මාර්ග විදුලිය ජලය ආදී මේ අවශ්‍යතාවයන් අද වන විට කොටසක් සම්පූර්ණත්වයට පත් කොට තිබෙනවා.
විනාශයට පත් වුණු පාසල් විනාශයට පත් වූ ආයතන ගොඩනැගිමට සෑම දෙනාම සෑම කාර්යයක්ම සිදු කරන්නට අප්‍රතිහත ධෛර්යයෙන් ඉදිරිපත් වී සිටිනවා.
ඇති වූ ව්‍යසනය ඉතාම කෙටි කාලයක් තුළදී නැවත වාරයක් සම්පූර්ණත්වයට පත් කරන්නට අපට පුළුවන්කම ලැබෙනවා. විවිධ ජාතීන් ඒ ඒ අවස්ථාවල ඇති වූ දුෂ්කරතාවයන්ට මුහුණ දුන් ආකාරය මුලින්ම ප්‍රකාශයට පත් කරන්න යෙදුනා. ඒ වගේම මේ වටිනා අවස්ථාවේදී පිරිස් දේශනාවක් මහානුභාව සම්පන්න භාවයක් අපි හැම දෙනාගේම ප්‍රාර්ථනයක් අනුව මේ කටයුතු සම්පූර්ණයට පත්වනු ඇත.
මෙහිදි කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අඡිත ද සොයිසා මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 10ක මුදලක් අගමැතිනි හරිනි අමරසුරිය මෙනවියට පරිත්‍යාග කළ අතර විවිධ ආයතන සහ දානපතින් මෙම ව්‍යසනයෙන් විනාශවු ආගමික සිද්ධස්ථාන ගොඩනැගිම වෙනුවෙන් රුපියල් ලක්ෂ එක්දාස් තුන්සියයක මුදලක් මෙහිදි අගමැතිනි හරිනි අමරසුරිය මෙනවියට පරිත්‍යාග කළහ.
ඡායාරූප සුමුදු හේවා පතිරණ

2025 දෙසැම්බර් මස 04
447
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
458
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපතට පත් ජනතාවට සෙත් පතා ගංගාරාමයේ පිංකම්