
(සුජිත් හේවාජුලිගේ)
රාජ්ය ආයතනවල සියලු තනතුරු පක්ෂයේ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි වැරදි සංස්කෘතිය තම රජය ප්රතික්ෂේප කරන බවත් රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය නොව, ඔවුන් සතු හැකියාව සහ දක්ෂතාවය පමණක් සලකා බලන නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඔහු මේබව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමිනි
කලින් පැවති රජයන් යටතේ රාජ්ය ආයතන තනතුරු බෙදා දීම පක්ෂ දේශපාලනය මත පදනම් වූ නමුත් වත්මන් රජය එම ක්රමය වෙනස් කර ඇති බවද ලේකම්වරයා පැවසීය.
ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය
"අපි බලයට ආවේ රාජ්ය ආයතනවල තනතුරු ඔක්කොටම අපේ පක්ෂයේ කට්ටිය දාගන්න නෙවෙයි. අපිට ඕන කරන්නේ ඒ තැන්වලට හැකියාව තියෙන අය දාගන්න. එතකොට අපි එයාගේ දේශපාලන පක්ෂය මොකක්ද කියලා හොයන්න යන්නේ නැහැ,"
වත්මන් රජය යටතේ ක්රිකට් කමිටුව වැනි ආයතන සඳහා දක්ෂයන් පත් කර ඇති ආකාරය ඔහු නිදසුන් ලෙස පෙන්වා දුන්නේය.
රජයක් ලෙස සියලු දේ තමන් පමණක් දන්නා බව සිතීම මුලාවක් බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා මහතා, ඕනෑම ක්ෂේත්රයක සිටින දක්ෂතම පුද්ගලයාගේ සහාය ලබා ගැනීම රජයේ ප්රතිපත්තිය බව කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd