
(සුජිත් හේවාජුලිගේ)
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ කාලය දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කිරීමටත්, ඊට එරෙහිව ශ්රී ලංකා නීතිඥ සංගමය ගනු ලබන ඕනෑම ඉදිරි පියවරකට පූර්ණ සහයෝගය ලබා දීමටත් ගල්කිස්ස නීතිඥ සංගමය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන අැත්තේ පසුගිය 22 වැනිදා පැවැත්වුණු ගල්කිස්ස නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේදීය
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ කාලය මෙලෙස දීර්ඝ කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසනීයත්වයට ද බරපතළ හානියක් සිදුවිය හැකි බව එම රැස්වීමට පැමිණි සියලුම සාමාජිකයින්ගේ මතයවී ඇත
ඒ අනුව, මෙම තීරණයට එරෙහිව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන ඇති ගල්කිස්ස නීතිඥ සංගමය, ඒ පිළිබඳව ශ්රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd