IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදේශ රැකියා වැඩත් ඩිජිටල් වෙයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර සේවා  සහ රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා සිදු කරන කටයුතු  වේගවත් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේද සහයෝගයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කරනු ලැබ තිබිණි. 

විදෙස් දූත මණ්ඩල සේවා ඩිජිටල් ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දෙන සේවා සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙහිදී  වැඩි අවධානයක් යොමු විය. දේශීය සහ විදේශීය පරිශීලකයින්ට  තොරතුරු සහ සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහතික කරමින් පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් හඳුන්වා දීමේ සැලසුම්ද මෙහිදී අනාවරණය කෙරිණි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සහ වෙනත් නිල ලේඛන ඉදිරිපත් කිරීම වැනි ක්‍රියා පරිපාටි සරල කිරීම පිළිබඳවද මෙහිදී සලකා බැලිණ. මෙම ප්‍රතිසංස්කරණ මගින් පරිපාලන ප්‍රමාදය අවම කිරීමත්, පරිශීලකයන්ගේ පහසුව සැලකිය යුතු මට්ටමකින්  වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කෙරේ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.



අදහස් (1)

විදේශ රැකියා වැඩත් ඩිජිටල් වෙයි

Kamal Koyrala Wednesday, 18 June 2025 12:53 PM

පළමුව විදේශ දූත සේවාවේ නුසුදුස්සන් ඉවත් කර ත්‍රෛභාෂා දැනුවත් අය සහ ඩිජිටල් කරණයේදී අවම අයිටී මෘදුකාංග දැනුමැති සුදුස්සන් යොදවන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site