(සමන් පාලිත නානායක්කාර)

දිවුලපැලස්ස තෙල්දෙණියාය 16ඇළ ප්‍රාදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි බව කියන විසිතුන් හැවිරිදි  තරුණයෙකු ඊයේ  (5) සවස එම කුඹුරට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිවුලපැලස්ස පොලීසිය පැවසීය. 

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අංක 22 වැවපිටිය දිවුලපැලස්ස පදිංචි වී සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ දිල්ශාන් රංජන ( 23) නමැති තරුණයෙකි.

කිසිවෙකු විසින් එම කුඹුරට ඇද තිබූ අනවසර විදුලි රැහැන් වල පැටලී මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය පැවසීය.