
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉදිරිපත් කර ඇති නව යෝජනාව සළකා බැලීමට හෝ තීරණය කර නොමැති බවත් මෙම මස (අප්‍රේල්) 1 වැනිදා සිට විදුලි ගාස්තුව සියයට 10 කින් ඉහළ දැමීම නිසා නැවත ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (20) පැවසීය.
අදාල යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව කටයුතු කිරීමට නම් අදාල යෝජනාව සළකා බැලීමට තීරණය කළයුතු බවත් එසේ සළකා බැලීමට තීරණය කර නොමැතිවීම හේතුවෙන් මහජන අදහස් ගැනීම ඇතුළු නියමිත ක්‍රියාපටිපාටිය සැළසුම් කර නොමැති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම වසරේ දෙවැනි කාර්තුව වන අප්‍රේල් මස සිට ජූනි මාසය දක්වා කාලයේ විදුලි ගාස්තුව සියයට 15 කින් පමණ ඉහළ දැමීමට යෝජනා කර ඇති බවත් එවැනි ඉහළ දැමීමක් කළ හොත් අදාල කාලය තුළ විදුලි ගාස්තුව සියයට 25 කින් පමණ ඉහළ යන බවත් ඔහු කීය.
ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම වසරේ දෙවැනි කාර්තුවේදී විදුලි ගාස්තුව තව ඉහළ දැමීමෙන් රුපියල් කෝටි 3,100 ක් උපයාගැනීමට සැළසුම් කර ඇති අතර වාර්ෂාව අඩුවීමෙන් ජල විදුලි නිෂ්පාදනය අඩුවීම සහ ඉන්ධන පිරිවැය ඉහළ යෑම ඇතුළු කරුණු කීපයක් මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට ඇතුළත්ව ඇති අතර නව ඉල්ලීමට අනුව කටයුතු කළ හොත් විදුලි ගාස්තුව සියයට 15 කින් නොව ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යෑමේ අවදානමක් ද පවතී.
මහජන උපයෝගිතා කොමිසම මෙම මස 1 වැනිදා සිට විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 10 කින් ඉහළ දැමීමට අවසර දුන් අතර ඒ අනුව විදුලි ඒකක 30ට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයගේ ගාස්තුව සියයට 4.3 කින් ද, විදුලි ඒකක 31 ත් 60 ත් සහ විදුලි ඒකක 61 ත් 90 ත් අතර පාරිභෝගිකයේ ගාස්තුව සියයට 6.9 බැගින් ද, විදුලි ඒකක 91 ත් 180 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 7.2 කින් ද, විදුලි ඒකක 180 ට වැඩි සමූහයේ සමස්ත විදුලි ගාස්තුව සියයට 25.3 කින් ද, ඉහළ දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd