
(මනෝප්රිය ගුණසේකර)
සිවුලෝගනාදන් විද්‍යා නමැති යාපනයේ පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම වූ සුවිස් කුමාර ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉතිරි විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීන්දු කරනු ලැබුවේ විත්තිකරුවන් විසින් ගොනු කරනු තිබූ විශේෂ අභියාචන පෙතසමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙසේ දඬුවම තහවුරු කරනු ලැබු විත්තිකරුවන් වන්නේ මහලිංගම් ශෂී කුමාර හෙවත් ‘සුවිස් කුමාර’” පුබාලසිංහම් ජයකුමාර හෙවත් රවී. තිලනාද චන්ද්‍රා කාන්තන් හෙවත් චන්ද්‍රා සහ සියනේතන් තුසිතන් හෙවත් පෙරිය තම්බි නැඹැතන්ය.
නිදොස් කොට නිදහස් කරනු ලැබු විත්තිකරුවන් වූයේ මහලිංගම් සසිදරන් හෙවත් සෂී සහ ජයතරන් කෝකිලර් හෙවත් කන්නන් නමැත්තය.
පෙත්සම විභාගය පවතින අතරතුර පූබාලසීංගම් හෙවත් සෙන්සිල් නමැති විත්තිකරු මියගියේය. විශේෂ අභියාචන පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අභයකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් අගවිනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනෑ මේ වගේ අයව...