
(සුජිත් හේවාජුලිගේ)
ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානියෙකු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන කොමිෂන් සභාවට අද කැඳවා ඇත.
ගල් අඟුරු ගනුදෙනුවලට අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇතැයි දැනගන්නට ඇත.
බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක වූ ආචාර්ය සුරීන් බට ගොඩ මහතාගෙන් කොමිසම පසුගිය සඳුදා සටහන් කරගත් බව කොමිසමේ ලේකම් ඩී.වී බන්දුලසේන මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැඳි සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
මෙම කොමිෂන් සභාව 2016 ජනවාරි මස 01 සිට 2026 අප්‍රේල් 16 වැනිදා දක්වා කාලයේ සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට නියමිතය.
බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 223 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන්වේ.
විගණන ලොක්කෙක් අද ගල්අඟුරු කොමිසමේ (සුජිත් හේවාජුලිගේ) ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානියෙකු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන කොමිෂන් සභාවට අද කැඳවා ඇත. ගල් අඟුරු ගනුදෙනුවලට අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇතැයි දැනගන්නට ඇත. බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක වූ ආචාර්ය සුරීන් බට ගොඩ මහතාගෙන් කොමිසම පසුගිය සඳුදා සටහන් කරගත් බව කොමිසමේ ලේකම් ඩී.වී බන්දුලසේන මහතා පැවසීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැඳි සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති. මෙම කොමිෂන් සභාව 2016 ජනවාරි මස 01 සිට 2026 අප්‍රේල් 16 වැනිදා දක්වා කාලයේ සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට නියමිතය. බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 223 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන්වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd