
(ගයාන් සූරියආරච්චි)
නිදහස් වෙළෙද කලාපවල සේවය කරන සේවිකාවන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සදහා තැපැල් ඡන්ද අවස්ථා හෝ ජංගම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන ලෙස මැතිවරණ කොමිසමට යෝජනා ඉදිරිපත් කළ බව මව්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ ව්‍යාපෘති කළමනාකාරිනී ගයනි ගෝමස් මහත්මිය පැවැසුවාය.
ඇය මේ බව පැවැසූවේ ඊයේ (23) කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සමහර වෙළෙද කලාපවල ස්ථාපිත ආයතන නිසි පරිදි ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ප්‍රමාණවත් නිවාඩු අනුමත නොකරන බැවින් සේවිකාවන් බොහෝමයක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්වලට නොයන බවද නිරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බව ගෝමස් මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද මධ්‍යස්ථාන ඇති කලා කියලා නම් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ මොකද අපි හිතමු කටුනායක කලාපයේ හම්බන්තොට කෙනෙක් සේවය කරනවා කියලා ඉතින් උදේ කලාපයේ මධ්‍යස්ථානයේ පාවිච්චි කරන ඡන්ද පත්‍රිකාව සවස ගණන් කිරීම සඳහා හම්බන්තොට දිසාපති කාර්‍යාලයට යවන්නේ කොහොමද? යම්කලක තාක්ෂණය උපයෝගී කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඔය ප්‍රශ්නය විසදේවී ඔය ප්‍රශ්නය රෝහල්වල සිටින වෛද්‍යවරුන් හෙදියන් රසායනාගාර නිළධාරීන් හා සුලු සේවකයින් සඳහා බලපානවා. ඒවාට පහසුකම් ඇති වෙනවා නම් හොදයි තමයි ඡන්ද මධ්‍යස්ථාන ඇති කළා කියලා නම් විසදුමක් නැහැ.
මැතිවරණ කොමිසමට උත්සාහයක් කලොත් බැරිකමක් නැහැ