
(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9) එම ස්ථානය දැඩි නොසන්සුන්කාරී වූහ.
එහිදී එක් වෙළෙන්දෙකු භූමි තෙල් රැගෙන අසල පිහිටි, විශාල ප්‍රමාණයේ නාමපුවරුවක් උඩට නැග ශරීරයට ගිනි තබා ගන්නා බව පවසමින් විරෝධතාවයේ නිරත විය.
තමන් නගර සභාවට දෛනිකව රුපියල් දෙසීයක මුදලක් ගෙවමින් වෙළඳාම් කටයුතු වල නිරතව සිටියදී තාවකාලික වෙලදසැල් මෙලෙස කඩා ඉවත් කිරීම, අනුමත නොකරන බව ඔවුහු පැවසූහ.
මෙම ස්ථානයේ කෙසෙල් වෙළඳාමේ නිරතව සිටි සීතා නන්දාවතී මහත්මිය සඳහන් කළේ, තමන් ගැහැණු දරුවන් තිදෙනෙකු සහ රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සැමියා ජීවත් කරන්නේ කාලයක සිට අනුරාධපුර මහා නගර සභාවට දෛනිකව කුලී ගෙවමින් පවත්වගෙන යන මෙම වෙළඳ සැලෙන් ලබා ගන්නා සොච්චම් මුදලින් බවය.
හිටිහැටියේ නිලධාරීන් පැමිණ විනාඩි දෙකක් යාමට මත්තෙන් පොල් අතු වලින් සාදා තිබූ කෙසෙල් කඩය බිමට සමතලා කළ බවත් කීවේය.
ඒ හේතුවෙන් තමන්ට දරුවන් සමග පාරේ හිඟා කෑමට සිදු වන බව පැවසූ ඇය දුක්විද ගොවීන් වෙළෙන්දන් වෙනුවෙන් ජනපතිතුමන්ගෙන් සාධාරණ විසඳුම්ක් බලාපොරොත්තුවන බවද සඳහන් කළාය.ෙ
මෙම ස්ථානයේ ගැටුමක් ඇති වුව හොත් මෙය පාලනය කිරීම සඳහා මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අතර, එම අවස්ථාවේදී සියදිවි හානි කර ගන්නා බව පවසමින් මම පුවරුවට නැගි පුද්ගලයාට පැහැදිලි කර දී බිමට බස්සවා ගැනීමට එම නිලධාරීහු කටයුතු කළහ.
පැය විසි හතරක කාලයක් ඇතුලත මෙම වෙළඳසැල් ඉවත් කර කරගෙන එම භූමියට ශුද්ධ පවිත්‍ර නොකලහොත් නීති මගින් ක්‍රියා කරන බව පවසා, මේ ස්ථානයට පැමිණි අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පිටව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි දෙයක් කාලයක් කරගෙන ගියාම ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා මිනිසුන් ඊට ඇබ්බැහි වෙනවා. ඒකයි මෙතැන වෙලා තියෙන්නේ...
මෙතැන වරද කරලා තියෙන්නේ වෙළඳාම කරන අහිංසක ජනතාව නෙමෙයි... රම්බොඩ. වරද නගර සභාවේ මොවුන් දිනපතා නගර සභාවට මුදල් ගෙවලා තියෙනවා... නිලධාරින් දැන ගන්න ඕනෑ... ඔවුන්ට කාලයක් ලබාදෙන්න අස්කර ගන්න කියලා..!
මුලින් ඒ මිනිසුන්ට ඒක කරගෙන යන්න දීලා කාලයක් ගියාට පස්සේ ඒ මිනිසුන්ට යන්න කිව්වාම එයාලා පුරුදුවෙලා හිටපු රක්ෂාවට මොකද වෙන්නේ කියලා හිතන්න ඕනෑ. ඒ වගේ පිරිසකට එහෙම අයින්වෙන්න කියනවා නම් එක්කෝ ඒ රක්ෂාව කරන්න සුදුසු තැනක් හදලා දෙන්න ඕනෑ. අනුන්ට බරක් නොවී ජීවත්වෙන ඒ මිනිස්සුන්ට එකපාර අයින්වෙන්න කිව්වාම හරිද?
කොටුවේ ස්ටේශන් එක ළඟ මගී පාලම උඩ වෙළෙන්දෝ පිරිලා. මිනිස්සුන්ට යන්න විදිහක් නෑ පාර ඇහිරිලා. ගම්පහ ගාඩර් එක උඩත් එහෙමයි. මේ අය ඉක්මනින් ඉවත් කරන්න...
පෙරදා මෙවැනි දැට විවෙචන, විරෝධ දැම්මේ ජෙප්පෝ, ඒ එදා අද ඒවා හොඳයි, එදා සෑම දේ කඩකප්පල් කෙරේ කවුද කියා තේරුණේද?
කලබල වෙන්න එපා ! අපේ තඹුත්තේගම අනුර ගොවි පුතයි, අනුරාධපුර ලාල් සහ වසන්ත ගොවි පුතාලා දෙන්නයි තවම වැඩ පටං ගත්තා විතරයි! ඔහොම යං මාලිමාවට ඡන්දේ දුන්නු ගමේ අයටම මුලින්ම සළකලා!
සතියේ දිනවල අනුරපුර නගරයට ආසන්නව ප්‍රධාන මාර්ගවල මෙවැනි වෙළෙන්ඳන් තම ව්‍යාපාරික කටයුතුවල යෙදෙනවා. ඇතමුන් ඒ සඳහා යම් මුදලක් නගර සභාවටද ලබා දෙනවා. එසේ නීතියට පටහැණි පුද්ගලයින්ගෙන් මුදල් ලබාගන්නේ නම් නගර සභාව කරන්නේද වරදක්...! අනවසර වෙළඳුන් නිසිමග පෙන්වීමක් සිදුනොකට, නිසි විසඳුමක් නොදී, ඔවුන්ගේ ජීවන ප්‍රශ්න ගැන නොසිතා නීතිමය වාසිය පමණක් ගැනම සිතමින් මෙසේ අමානුෂික ලෙස හැසිරීම හා එම ගැටළු සහගත අවස්ථාවට මුහුණ නොදී මගහැරීම පිළිබඳව නාගරික කොමසාරිස් සෘජුවම වගකිව යුතුයි. (වීඩියෝ දර්ශන අනුව) අනුරාධපුර නගරයට මහජන පොළක් ඇත. එහි සති අන්තයේ හැර අනෙක් සතියේ දිනවල හරක් හා බල්ලන් වාසය කරති. මොවැනි ස්ථානයක සතියේ දිනවලත් තම වෙළඳ කටයුතු කරගැනීම සඳහා පහසුකම් ඇති කිරීමට ඔය නාගරික කොමසාරිස් කටයුතු නොකරන්නෙ ඇයි?