( රොමේෂ් මධුෂංක)

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ වයෝවෘද්ද වූ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී අද (30) දින සිරුරු හමු වූ බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 72 හැවිරිදි පසුපති වර්ණකුලසිංහ සහ 68 හැවිරිදි වී. කණකලක්ෂ්මි යන යුවළයි.

සෙට්ටිකුලම නගරයේ මෙම අඹුසැමි යුවල සහ ඔවුන්ගේ පුතාද එක්ව වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර වෙළඳසැල ඊයේ රාත්‍රියේ වසදමා අද උදෑසන විවෘතකරන විට වෙළඳසැල පිටුපස නිදාසිටි සිය මව සහ පියා කුරිරු ලෙස ඝාතනය කොට සිටි බවට පුතා විසින් පොලීසියට පවසා ඇත.

සෑම දිනකම සවස් කාලයේ වෙළඳසැල වසා දමා මිය ගිය අයගේ පුතා ඔවුන්ගේ නිවසට යන අතර මව සහ පියා වෙළඳසැලේ ආරක්ෂාවට එහි නිදාගන්නා බවටත් එලෙසින් ඊයේ සවස වසා දමා නිවසට ගොස් ආපසු අද උදෑසන වෙලඳසැල විවෘත්ත කිරීමේදී පිටුපස සිය මව සහ පියා ඝාතනය කොට සිටි බවටද පුතා විසින් පොලීසියට වැඩිදුරටත් පවසා ඇත.

මිය ගිය මව සහ පියා සන්තකයේ තිබූ පවුම් 5 කට අධික රන් ආභරනද අතුරුදහන් වී ඇති අතර වෙළඳසැල හෝ රන් ආභරණ කොල්ලකෑමට ආ අයෙක් හො පිරිසක් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයිද පොලීසිය සැක පල කර සිටියි.