IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වළකට වැටී දරු දෙදෙනෙක් මරුට

(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවිර)

පදවිය ,ශ්‍රී පුර ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක සහ 14 පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇතැයි ශ්‍රීපුර පොලීසිය පවසයි.

පදවිය, ශ්‍රී පුර, යාය 12 ශ්‍රී තිස්සපුර ප්‍රදේශයේ දිය ඇළකට දිය නෑමට ගොස් එම දියේ ගිලිමෙන්  ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාය 12, ශ්‍රී තිස්සපුර ,ශ්‍රීපුර  පදිංචි එමි.ආර්.සිතුමි ලක්ෂිත (12) සහ පි.බි.ධනුක දනංජය (14) නමැති පාසල් දරුවන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා එකම ගමේ පදිංචි අසල්වැසි නිවෙස් දෙකක එම පවුල්වල බාලම දරුවන් වීම ද විශේෂත්වයකි.

මියගිය දරුවන් දෙදෙනා පදවි යාය 12 පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ හය වසර වසරෙහි සහ නමය වසරෙහි ඉගෙනුම ලබා ඇත.

ඔවුන් දෙදෙනා සමග දිය නාමින් සිටි තවත් පිරිමි ළමයන් 8 දෙනෙක් පමණ,පවසා ඇත්තේ, "අයියලා දෙන්නා අපි බය කරන්න වතුර යට හැංගිලා ඇති,"යැයි සිතා ඔවුන් වතුරෙන් ගොඩට පැමිණ තම නිවෙස්වලට ගොස් මේ බව වැඩිහිටියන්ට දැනුම් දුන් බව එම පිරිස සඳහන් කළහ.

එම දරුවන්ගේ දැනුම් දීම අනුව වැඩිහිටි පිරිස ඒ මොහොතේම නාන මංකඩට පැමිණ දරුවන් පිළිබඳ සොයා බැලීමේදී,දරු දෙදෙනාගේ සිරුරු දිය යට තිබී හමුවී ඇතැයි ද ඔවුන් වැඩිදුරටත් පැවසූහ.

ප්‍රදේශවාසීන් ඒ මොහොතේම සිද්ධිය ශ්‍රීපුර පොලීසියට දැනුම් දී මෘතදේහ පදවිය රෝහලට රැගෙන යෑමට කටයුතු කර ඇත.

ශ්‍රීපුර පොලිසිය පොලීසිය වැඩිදුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (2)

වළකට වැටී දරු දෙදෙනෙක් මරුට

Udhuli Sunday, 02 July 2023 02:05 PM

හරිම දුකයි. දරුවන් දෙදෙනාටම නිවන් දක්නාතුරු මෙවන් අකල් මරණයක් නොම වේවා...! නිවන් සුව පතමු. කොල්ලනේ මේවා දැකලාවත් පරෙස්සම් වෙන්න හිතපල්ලා. ගැඹුර නොදන්නා තැන්වලට බහින්නේ පරෙස්සමින්...

:       0       17

Bunny Preena Tuesday, 04 July 2023 11:45 AM

අපරාධේ තරුණ ජීවිත දෙකක්.දෙන උපදෙස් වැඩිහිටියන් සහ දරුවන් තඹයකට මායිම් කරන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site