
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් සිසුන් හය දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.
එම පාසලට නිවාඩුදී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසූවේ වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.
වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලය විද්‍යාලයේ අනතුරුදායක තත්වයක් ඇති වුණා . සිසුන් හයක් ආපදාවට ලක් වුණා. එක සිසුවියක් මියගොස් තියෙනවා . පළමු වැනි වසරේ මෙත්සරණී කෝදාගොඩ ශිෂ්‍යාව. තවත් දරුවන් පස් දෙනකු රෝහල් ගත කරලා තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් පිරිසක් විදුහල්පතිට පහර දීලා තියෙනවා ඔහු ඒ ජාතික රෝහලේ ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. පානිය ජල පද්ධතියක කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටිල තියෙන්නෙ. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ ස්ථානයට ගොස් සොයා බලා තිබෙනවා. දැනට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
මේ සිද්ධිය ගැන කරුණු සොයා බැලීමට පළාත් අධ්‍යාපන ලේකම් සහ අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ පාසලට අද නිවාඩු දුන්නා. ඉදිරි පියවර අරගෙන පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ වැසීගිය සිංහල පාසල් 13ත් ගැන විශේෂයෙන් හොයල බලන්න කමිටුවක් දාන්න. ත්‍රස්තවාදී යුද්ධය නිමාවී දැන් වසර 17 ක් වගේ වෙලත් මේ පිළිබඳ සාධාරණය ඉටු නොවීම බලවත් කණගාටුවක් මෙන්ම වගකිව යුත්තන්ගේ නොසැලකිලිමත් බවත් ඒ පිළිබඳව සොයා බැලීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බව ද කණගාටුවෙන් වුවද සඳහන් කරමු.
කලාප කාර්‍යාලයේ නිලධාරින් කණ්ඩායම් වශයෙන් පාසල් පරීක්ෂා කරන්න යනවා... එහෙම ගියාම බලන්නේ පොත්පත් පමණක් නම් ඒ පරීක්ෂණ කියන්නේ පාසලෙන් සංග්‍රහ ලබාගෙන ඊළඟ මාසයේ මුල් සතියේ ගමන් වියදම් ගැනීමේ රාජකාරිය පමණක්ද කියලා අහන්න වෙනවා...!
කමිටු පත්කරන එක පුරුද්දක් වෙලා? කරන්ඩ තියෙන්නේ ඒවාට විසඳුම් දෙන එකයි...
ඇමැති තුමෝ ඔය කලබලයෙන් ම අර මඩකලපුවේ වැහුණු සිංහල ඉස්කෝල ටික ගැනත් හොයන්නකෝ...?
හොඳයි .තව ටික කාලෙකින් ඒ කමිටුවේ වැඩ බලන්න තව කමිටුවක් දාන්න .පොඩි ළමයෙක් මැරිලා ඉන්නේ මෙතන .තමුන් හරි ගිහිල්ලා බලනවාකෝ පොඩ්ඩක්