(අංජුල මහික වීරරත්න)
විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සියලුම නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් සකස් කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මේ අතර සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව ඒකමතිකව සිදුකරන ලද සංශෝධන අනුව නව කෙටුම්පතක් සැකසීමට ද කැබ්නට් අනුමැතිය ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd