
(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
බුලත්සිංහල හොරණ මාර්ගයේ නාරගල මංසන්ධියේදී අද (30) උදෑසන ත්‍රී රෝද රථ දෙකක්, මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකි නෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල ප්‍රදේශයේ සිට හොරණ දෙසට ධාවන කළ ත්‍රීරෝද රථයේ තිරිංග තද වීම හේතුවෙන් පිටුපසින් පැමිණි මෝටර් රථය ද එකවරම තිරිංග තද කර ඇත. ඊට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයත් යතුරුපැදියත් එකිනෙකට මෝටර් රථයේ ගැටුනූ පසු මෝටර් රථය තල්ලු වී ගොස් දිරිපස ත්‍රිරෝද රථය වැදී නතර වී ඇතැයි පොලිසිය පැවසීය.
එක් ත්‍රී රෝද රථයක රියදුරුත් යතුරු පැදිකරුත් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටුක් ටුක් යනු රටේ ශාප ලත් වාහනයයි .... සාපයක්