IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වාහන සමාගමකට ලොකු බදු තෑග්ගක් දුන් කෙනා අනුර හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න)

රටට සෑම ඩොලරයක්ම වටිනා   මොහොතක  විදුලිය වාහන දෙමුහුන් වාහන එකලස් කරන  සමාගමකට සම්පූර්ණ බදු සහන දුන්නේ කාගේ වුවමනාවට දැයි ජාතික ජන බලවේගයේ  නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5)  ප්‍රශ්න කළේය.

මේ බෙදන්නේ සාගලගේ යාලුවාට බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා හැම වෙලාවෙම එකතු වෙන්න  කියන්නේ මේවාට දැයි ප්‍රශ්න කළ දිසානායක මහතා ආයෝජන මණ්ඩලයේ ගිවිසුම වෙනස් කර ශුන්‍ය බදු සහනදී  ඇතැයිද  චෝදනා කළේය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසූවේ  ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

ආණ්ඩුව ගජමිතුරු සමාගම්වලට බදු සහන දෙනවා. ආණ්ඩුව මීට කලිනුත් මේවා කළා . ප්‍රීමා සමාගමට බදු සහන දුන්නා.  කවුද මේවා පිටිපස්සේ ඉන්නේ. මේ කැබිනට් පත්‍රිකාව ගැන කර්මාන්ත අමාත්‍යාංශය දරන ස්ථාවරය දැනගන්න කැමතියි.

මෙම සමාගමට බදු සහන දීමට විශේෂ වූ කරුණු කවරේද.  ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවක රටට ලැබෙන සෑම ශතයක් ම වටිනවා සෑම ඩොලර් එකක්ම වටිනවා. තමන්ගේ හිතවතුන්ට බදු සහන දෙනවා. සීනි මෑන්ටත් ඔය සහන දුන්නා. දැනුත් ඕකම  තමයි  මේ  කරන්නේ. බදු සහන දුන් කැබිනට් පත්‍රිකා දෙක මගෙ ළග තියෙනවා.

සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා

මේ ප්‍රශ්නයට හෙට පිළිතුරු  දෙනවා.



අදහස් (5)

වාහන සමාගමකට ලොකු බදු තෑග්ගක් දුන් කෙනා අනුර හෙළි කරයි

duminda Thursday, 05 October 2023 04:06 PM

මෙච්චර රටට කෙල වෙලත් නරි නාටක ඉවර නෑ .කොච්චර කියුවත් වැඩක් නෑ සහෝදරයා .බලය ගත්තු දවසට කරලා පෙන්නපු

:       0       1

Bamunuarachchi Thursday, 05 October 2023 05:16 PM

අරක හංගාගෙන මේකෙන් කෙලිනවා කියනවා වගේ වැඩක් මේක. වටින් ගොඩින් එන්නේ නැතුව කෙලින් කියනවාකෝ සීනි ඇතුළු බදු සහන ලබපු එවුන්ගේ නම් ටික. අපිට දැනගන්න.

:       0       2

Tharindu WimalaweeraFriday, 06 October 2023 08:59 PM

සීනි බදු වංචාකළ සමාගම්වලින් එකක් තමයි විල්මාර් කම්පැනි... මේක රටම දන්න දෙයක්නේ.

:       0       0

බයියෙක් Friday, 06 October 2023 08:21 AM

ඔන්න රනිල් කෙරුවාව

:       0       1

Paul Friday, 06 October 2023 08:51 AM

හොරුසමග හෙලුවෙන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site