
(ඩයනා උදයංගනී)
යතුරුපැදි, ත්‍රිරෝද රථ හා පොදු ප්‍රවාහන හැර අනෙක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
යතුරුපැදියක් සඳහා ඉන්ධන නිකුත් කරන සීමාව රුපියල් 2,000 සිට 2,500ක් දක්වාත් ත්‍රිරෝද රථයක් සඳහා තිබූ රුපියල් 2,000 ක සීමාව රුපියල් 3,000ක් රුපියල් 8000ක් වූ අනෙකුත් වාහනවලට ලබාදෙන ඉන්ධන ලබාදීමේ සීමාව රුපියල් 10,000ක් දක්වාත් ඉහළ නංවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
තොග එක්රැස් කිරීමෙන් සංචිත සීමා වී ජනතාවට අඩුපාඩු හිරිහැර සිදුවන නිසා එසේ නොකරන ලෙස ජනතාගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.
ඇමති කාංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන සදහාසීමා පැනවීම තුලින් මින්සුන් අපහසුතාවයට පත්වීම වැඩිවේ.රු2000/=,2500/=පමනක් නිකුත් කිරීමට කටයුතු කිරීම අසාදාරන වේ.එම මුදලට ලබාගත හැක්කේ ලීටර් 5 ,ක් හෝ 6ක් පමනි. දිනකට එම ප්‍රමානය ප්‍රමානවත් වුව ද දිනපතා පෝලිමේ සිටීම නිසා මිනිසුන්ගේ වටිනා කාලය අපතේ යාම රටට විසාල පාඩුවකි,එය අපරාධයකි.