
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුතින් වාහනයක් ගත්තාම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ගන්න සති දෙක තුනක් බලාගෙන ඉන්න වෙන බව කළුතර දිස්ත්රික් මන්ත්රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔන්ලයින් ලියාපදිංචියට අවස්ථාව දෙනවා යැයි කියූ කතාවට වුනේ මොකක්දැයි ජගත් විතාන මහතා කීය.
"වර්තමානයේ ලොකු ඒ.සී බස් එකක් ලක්ෂ පන්සීයක්, පන්සිය පනහක් පමණ වෙනවා.ගමනාගමන මණ්ඩලයට අධි සුඛෝපභෝගී කියා පහසුකමක් ලබා දී තිබෙනවා.පෞද්ගලික අයට ලක්ෂ 500ක් පමණ වියදම් කර බස් රථයක් මිලදීගෙන සුඛෝපභෝගී ටිකට් එකකට තමයි ධාවනය කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ අය වියදම දරාගන්න බැරුව බස් මිලදීගෙන ගෙදර තියාගෙන ඉන්නවා. මේ ගැන අවධානය යොමු කළොත් හොඳයි. අලුතින් බස් ක්ෂේත්රයට එනවා නම් බැංකුවක මාස හයක් තිස්සේ ලක්ෂ විස්සක තැන්පතුවක් තිබිය යුතුයි. එවිට විදෙස් රටවල සේවය කරන අයගේ අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. මාස හයක් ලක්ෂ විස්ස ගානෙ තියෙනකොට ඒ අයට දරාගන්න අමාරුයි.මේ කතා කරන්නේ මම ගැන නෙමෙයි. හැබැයි මේ ක්ෂේත්රයට අලුතින් කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නෑ යනුවෙන්ද මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd