(අංජුල මහික වීරරත්න)
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් ලබා දී තිබේ.
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන ගැටළුවට විසැඳුම් ලෙස මෙම පියවර ගෙන ඇත.
බස්නාහිර පළාතේ පදිංචි කරුවකුගේ වාහනයක් වෙනත් පළාතක ලියාපදිංචි වී ඇති අවස්ථාවක එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සලකා බලා ඉහත පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එම නිසා බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නැයි අමාත්‍ය විජිත හේරත් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් පළාතක ලියාපදිංචි වාහනයක් අරගෙන අලුත් අයිතිකරු පවරා නොගෙන මුල් අයිතිකරුගේ නමින්ම තියෙන වෙලාවට තමයි ඔය ගැටළුව ඇති වෙන්නේ.. එම ගැටළුව වාහනය පවරා ගත්තාම අහෝසි වෙනවා... මේ ඇමැතිවරයා ක්ෂණික විසඳුමක් දෙනවා මිස එයින් රජයට සිදුවන පාඩුව ගැන නොසිතා ගත් තීරණයක් මේක. වාහන තමන්ගේ නමට පවරා නොගෙන රජයට පාඩු කරමින් සිටීම අනුමත කිරීමක් මේ ඇමතියා කරලා තියෙනවා... තවත් විදියකින් කියනවා නම් මිනිස්සු කරන වරදක් අනුමත කිරීම තමයි ඇමැතිවරයා කරලා තියෙන්නේ...
ඉතා හොඳ තීරණයක්... (මම වැඩිපුර ඉන්නෙ කොළඹින් පිට.)
ජනතා නියෝජිතයින්ට පමණක් රටේ පාලනය කරන්න බැහැ. ජනතා සහභාගිත්වය අත්‍යාවශ්‍යම වෙනවා. දේශපාලුවන් විතරක් හොරකම් කරනවා කියලා ඔවුන්ට ඇඟිල්ල දික්කර ජනතාව වගකීම පැහැර හැරීම කරනවා නම් ඒ රට වයිමාටවත් හදන්න නම් බැහැ. සාමාන්‍යයෙන් ඇමැතිවරයා කරලා තියෙන්නේ මිලටගත් වාහනය නව අයිතිකරුවන් පවරා නොගෙන තවදුරටත් අනුන්ගේ නමින් නැත්නම් මුල් අයිතිකරු නමින් තබාගැනීමට අනුබල දීමක් තමයි. ඒක රටේ ජාතික ආදායම සඳහා කෙසේ බලපානවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දන්නවා ඇති සාමාන්‍යයෙන් වාහන ලක්ෂ 20ක් තමන්ගෙ නමට පවරා නොගෙන තිබේනම් කොපමණ මුදලක් රජයට අහිමි වෙනවාද මේවා සැඟවූ මුදල් හැටියට හඳුන්වන්න පුළුවන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා මේවා නොසොයන්නේ ඇයි කියලා හිතෙනවා...
කරුණාකර ඔබගේ අමාත්‍යංශයට අයත් එකම ගොඩනැගිලි පරිශ්‍රයේ තිබෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ආගමන විගමන දෙපර්තමෙතුවෙත් දත්ත පද්ධති එකට සම්බන්ධ කරන්න, පාස්පෝර්ට් එකක අලුත් කරන්න ගියත්, අලුතෙන් ගන්න ගියත් වෙන වැඩක් කරගන්න ගියත් රටේම නැති ලියකියවිලි (උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික වැනි) උස්සාගෙන යන්න ඕනේ, දියුණු රටවල මේවාගේ වැඩ කරගන්න හැඳුනුම්පත හෝ පරණ ගමන් බලපත්‍රය පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත්...
කුහක වෙන්න එපා, ඇමැතිගේ තීරණේ හරි, වාහනේ කොහේ තිබුණාම මොකද ආදායම රජයට ලැබෙනවා නම්..., බොහෝ සමාගම් ලියාපදිංචි කරලා තිබෙන්නේ කොළඹ නමුත් එම ආයතන වලට අයත් වාහන බොහෝවිට තිබෙන්නේ පිට පළාත්වල, හැම මගුලටම කොළඹ එන්න වෙන එක මහා කරදරයක්, මිනිස්සුන්ට සහනයක් දෙන්න හදනකොට කාලකන්නි ඒකට කැමති නැහැ.
මෙවන් පුංචි රටක කළ එක නාඩගමකි. විජිත හේරත් මහතා ගත් ඉතා බුද්ධිමත් තීරණයක්. ඔබතුමාට ස්තුතියි...