(අංජුල මහික වීරරත්න)
වැස්සෙන් හානියට පත් කුඹුරු වලටත් වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පසුගිය දිනවල අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් ව තිබේ.
සාර්ථකව වගා කර තිබු මෙම කුඹුරු මේ වනවිට ජලයෙන් යටවීම නිසා බරපතල ලෙස හානියට ලක්ව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
වර්ෂාව නිසා හානියට පත් කුඹුරු බැලීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල නෙටොල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගියේය.
නියඟයෙන් මෙන්ම වර්ෂාව නිසා හානියට පත් කුඹුරු වලටත් වන්දි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
කිසිසේත්ම ගොවීන්ට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නැතැයි ද වගාවන්ට සිදුව ඇති හානිය නිවැරදි පරිදි තක්සේරු කර වන්දි ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් හානි වූ කුඹුරු වලටත් වන්දි
Bamunuarachchi Sunday, 10 September 2023 07:17 PM
මේක පුදුම රටක්... නොමිලේ පොහොර පෑව්වත් වන්දි.., වැස්සත් වන්දි. ගෙවන්නේ ජනතාවගේ බදුවලින්. හැබැයි මේ අය අස්වැන්න විකුණන්නේ මෝල් කාරයාට... රජයට වී විකුණා කුවිතාන්සි නොපෙන්නන එවුන්ට කිසිම ආධාරයක් දෙන්න එපා.