(මොහොමඩ් ආසික්)
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පළාත් පහක පවුල් 3200 කට අයත් පුද්ගලයින් 10968 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ඒ අනුව වයඹ පළාතේ පවුල් 609 ක පුද්ගලයින් 2213දෙනෙකු සබරගමුව පළාතේ පවුල් 17 කට අයත් පුද්ගලයින් 68 දෙනෙකු, නැගෙනහිර පළාතේ පවුල් 863 ක අයත් පුද්ගලයින් 3052 ක් උතුරු පළාතේ පවුල් 1708 කට අයත් පුද්ගලයින් 5625 ක් ඌව පළාතේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 10 ක් වශයෙන් පළාත් පහක පවුල් 3200 ක පුද්ගලයින් 10968 ක් පීඩාවට පත්ව තිබේ.
ඔවුන් අතරින් අවතැන් වු පවුල් 849 කට අයත් පුද්ගලයින් 2796 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව දුරටත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ... ගංවතුර, නායයෑම් හා එවැනි තත්වයන් යටතේ සිදුවීම් පමණයි. දැනට මාස හතරක පමණ කාලයේ නොනවතින වැස්ස නිසා එළවළු මිල අකනිටා බඹලොවිනුත් ඉහළට ගිහිල්ලා එදිනෙදා කුලියක් මලියක් කරලා ජීවත්වන අහිංසක මිනිස්සු එදාවේල නැතුව ඉන්නවා... රබර් කිරි කපන මිනිසුන්ට හා රබර් වගා හිමියන්ට වැලේ වැල් නැහැ රටේ සියලුම වැඩ වැස්ස නිසා නැවැතිලා තියෙද්දී පුද්ගලයින් 10968 පීඩාවට කිව්වාම හරිද?