(මහින්ද   නිශ්ශංක)

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද( 21) අලුයම සිට පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙනිය දක්වා සීමා කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ දැනට දිනකට කොළඹ සිට පුත්තලම දක්වා දුම්රිය හතරක් ද පුත්තලම සිට කොළඹ දක්වා දුම්රිය හතරක් ද ධාවනය කෙරේ.