
(ආරියරත්න රණබාහු )
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
පවතින කාලගුණික තත්ත්වය මීට හේතු වී ඇත.
ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (14) දින වසා තැබෙයි. කොලොන්නාව, කඩුවෙළ, කැලණිය සහ ගම්පහ අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට (14) සහ අනිද්දා (15) යන දින දෙකේ වසා තබන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රේම රංජිත් දේවබන්දු මහත පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd