(ඩයනා උදයංගනී)

පළාත් ගණනාවකට අද (26) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශයන්හි උදය කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.