(දිලීප් ජයසේකර)
හම්බන්තොට කැටැන්වැවදී විසි වසරකට පෙර සිංහල අවුරුදු දා අවිවාහකයකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරුවන් වූ චූදිතයින් හය දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩණය නියම කළේය.
මෙලෙස මරණීය දණ්ඩණය නියම වුයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචිකරුවන් වන සමන් බුලත්ගම, ලලිත් ප්‍රසන්න, රණසිංහ ආරච්චිගේ ජිනදාස, හේවා හල්පගේ වසන්ත, දිලාන් මංජුල හා එච්.එම්.නවරත්න නැමති චුදිතයන් හය දෙනෙකුටය.
2003. අප්‍රේල් .14 වන දින සිහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැව පදිංචි 30 හැවිරිදි අවිවාහකයකු වූ විජේසිංහ කංකානම්ගේ නන්දතිස්ස යන අයට අතින් පයින් පොලිවලන් හා මාරක ආයුධ වලින් පහරදි ඝාතනය ලක් විය.
ගවයින් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකදි චුදිතයින් මෙම ඝාතනය සිදුව ඇතැයි අධිකරණයේදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් කල් දදා හිටියා නම් ඒ මිනිසුන් වයසට ගිහින්ම මැරෙනවා...
නඩු තීන්දුව දීමට අවුරුදු විස්සක් ගතවීමට හේතුවත් ඒ සමග කිව්වා නම් නේද හොඳ ..?
මේ මිනීමැරුම වෙලා තියෙන්නේ හරක් ප්‍රශ්නයක් නිසා තමයි. එහිම යමක් කමක් කරන්න පුළුවන්... මිනිස්සු දුරදිග නොබලා පුද්ගලික අපේක්ෂා වෙනුවෙන් කළ දේවල් නිසා රටම විනාශයක් වුණා..