(ඩී.ඒ.පතිරණ)
රොටුඹ පනාකඩුව ප්‍රදේශයේදී වසර 19 කට පෙර දරුවන් පස් දෙනෙකුගේ පියෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක ඇතුළු හතර දෙනෙකු දෙනියාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රොටුඹ, පනාකඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50-56 අතර වයස් වල පසුවන කාන්තාවක ඇතුළු හතර දෙනෙකු බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ අනිත් දෙදෙනාද ඔවුන්ගේම ඥාතීන් වන අතර මියගිය අයද සැකකරුවන්ගේ ඥාතීන් බව කියයි. 2006.11.06 දින පස්ගොඩ පිටබැද්දර ප්‍රධාන මාර්ගයේ පනාකඩුව ලී මෝල ඉදිරිපිට බෝක්කුව අසල තිබී දම්පහල, විලයාය,රණසෙවන ලිපිනයේ පදිංචිව සිටී 63 හැවිරිදි රංගොඩගේ පියසිරි යන පස්දරු පියාගේ සිරුර සොයා ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd