(අංජුල මහික වීරරත්න)

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නව ඇමතුම් මධ්‍යස්ථානය හා නවීකරණය කළ වෙබ් අඩවිය විවෘත කෙරිණි.

"1930" එම ක්ෂණික ඇමතුම් අංකයයි.

ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ 161 වන සංවත්සරයට සමගාමීව එම විවෘත කිරීම කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා කීවේ වර්තමානයේ පවතින අභියෝග ජය ගැනීමට 

ඩිජිටල්කරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බවයි. මෙම නවීකරණ වැඩපිළිවෙළ හරහා රජයේ ප්‍රධාන ඉලක්කයක් වන රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සඳහා සෘජු දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.