(  සිතුම් චතුරංග)

මුලතිව් රක්ෂිතය තුලදී දිවියකු මරා අලෙවිකිරීම සඳහා දත් රැගෙනගිය පුද්ගලයින් දෙදෙනකු පුදුකුඩිරිප්පු හීදි අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.

මියගිය වන සතුන්ගේ ශරීර කොටස් අලෙවිකරන ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් සතුව තිබී දිවියකුගේ දත් හතරක් සොයාගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සත්ව කොටස් ජාවාරම් සිදුකරන පුද්ගලයකු විසින් රක්ෂිතය තුළදී දිවියකු මරා දත් සහ නිය ලබාගෙන ඇති අතර දිවියාගේ සෙසු ශරීරකොටස් එම පුද්ගලයා විසින් වළදමා ඇති බවට අනාවරණයවූ බවත් පොලිසිය සඳහන් කළේය.