(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කරමින් අද (1) පැවසීය.
ප්රධාන කුළුණු 4ක් ඔස්සේ රට ගොඩනගන බව කී ජනාධිපතිවරයා ඊළඟ වසර 25 ඇතුළත ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන ගමන ආරම්භ කරන බවද පැවසීය.
"ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත පහක අපනයන වැඩි නොකර ලැබෙන ආදායම් මාර්ග දිනෙන් දින අහිමි කරගනිමින්, සොරකම, දූෂණය, වංචාව එසේම සිදු කරමින් ඔය කියන ඉලක්කවලට යන හැටි අපටත් කියන්නකෝ.., ණය නොගෙවා, ආනයන සීමා කරමින් මේ ගමන හැමදාම යන්න ණය හිමියන් ඉඩදේවිද?
කුඹුරුවල මල් හිටවන්න යෝජනා කරලා මත්තල ගවන්තොටුපළේ වී ගබඩා කරපු උත්තමයනේ මේ. ඔය කියන්නේ ඊළඟ ඡන්දෙදි දිනවන්න කියලනේ. හැබැයි රටට නායකයෙක් පේන තෙක් මානෙක නැති නිසා මෙයාට වාසිය තියෙනවා. පක්ෂ බදාගෙන ඉන්න මිනිසුන් ගැන නෙවෙයි මේ කතා කළේ.
අවුරුදු 45ක් තිස්සේ මෙයා පාර්ලිමේන්තුවේ, එක්කෝ ඇමැති, එක්කෝ අගමැති, නැතිනම් විපක්ෂ නායක. කරපු කිසිදෙයක් නැහැ. අවුරුදු 5ක මගුලක් කතාකරනවා.
එහෙමයි. KING පිං
ඇයි තව වසර 5ක්? දැන්ම දීලා දාමු ෆ්ලැට් වෙලා යන්නම.
ඔබ 1993 සිට 5 වතාවක් අගමැති ධූරයට පත් වෙද්දී දුන් එම පොරොන්දුව දැන් නැවතත් අවධාරණය කරයි. ඔබගේ තොරතුරු සඳහා, අපගේ ජාතික ණය ඇමරිකානු ඩොලර් බිලියන 16.89 ක් විය. 2012 දී. ඉන් පසුව, ඔබ IMF වෙතින් USD බිලියන 12.5ක් ලබා ගනී. ඔබ මෙම උසස් ණය ලබා දෙන ආකාරය ඔබට පැවසිය හැකිද? මේ අතරතුර, ඔබ ඔබේ කාර්ය මණ්ඩලය ක්රමානුකූලව පුළුල් කළ යුතුය. ආදර්ශමත් පාලකයෙක් වෙන්න!
අලුත් පොරොන්දු දෙන්න ඉස්සෙල්ලා කලින් දීපුවා ඉටුකරලා ඉන්න, අපි තවම බලන් ඉන්නේ ගාර්මන්ට් 2000ක් රට පුරා අලුතින් ආරම්භ කරනවා කියලා... මීට දශක 2කට විතර කලින් මැතිවරණ කාලේ දීපු පොරොන්දුව ඉටුකරනකන්...
රටේ ආර්තිකය ස්තාවර කරන්ඩ හිතාගෙන ඉන්නේ හීනෙන් වෙන්ඩැති .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු ,හින්ගාකන ජාතියක් බවට පත් කරපු දූෂිත දේසපාලුවෝ කරපු හරිය මදෑ. රට ස්තාවර කිරීම කෙසේ වෙතත් පවුල් පාලනේ උන් නම් රැකෙයි.
දැන් මෙය මාස 10 ජනාධිපති, ඊට කළින් අගමැති විකාර කතා කරනවා. රියදුරු බලපත්රයක්, හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්රයක්, මාසගණන් පොරොත්තු ලේඛනවල, පෝලිම්වල තපින්නේ නැතිව ලබාදෙන්න තවම බැරි වුණා දැන්...