(අංජුල මහික වීරරත්න)
ලංකාවෙි මුළු විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 41.5කින් වසර පහකදී කාලයකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.
ඒ අනුව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල ගෙවා ඇති විශ්‍රාමික අරමුදල් ප්‍රතිලාභ අනුපාතිකය ඇතුළු කිසිදු විශ්‍රාමික අරමුදල්වල සාමාජික ශේෂයට බලපාන්නේ නැති බව ද ජනාධිපතිවරයා එහිදී කීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බැංකු පද්ධතියේ තැන්පතුවලට බලපාන්නේ නැති බවත් දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා කිසිදු පොලියකට බලපෑමක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රති ව්‍යුහගත කරනවා කියන්නේ මොකක්ද ?පිදුරු වලින් හදපු කඩදාසි වලින් අච්චු ගහනවද ?තේරෙන්නේ නැති නිසා ගොන් කමටයි මේ අහන්නේ ?අප්‍රභංශ නැතුව කරන්න යන දේ කෙලින්ම කිවුවානම් බැංකුවේ තියෙන සොච්චම ගෙදර ගෙනත් තියන්නවත් පුළුවනි
මුකුත් කරන්නෙ නැහැලු. ඉතින් කියපන්කො කරන දේ.
අර ආර්ථික සංගායනාව දැන් ඉවරයිද? ඒකට මක්කැයි උනේ...
මුකුත් කරන්නෙ නැත්නම් මේ කියන්නේ මක්කැයි...