
(යොහාන් භාසුර සහ සමන් කාරියවසම්)
තරුණයකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවී පානදුර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ වසර පහකට ආසන්න කාලයක් අධිකරණය මගහැර සිටි අපරාධකරුවකු හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් චින්තක මධුභාෂණ නැමැත්තා පානදුර මහාධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
අදාල පුද්ගලයා 2020 වසරේ සැප්තැම්බර් මස සිට අධිකරණය මගහරිමින් හලාවත ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පොල් වත්තක් මිලට ගෙන එහි ජීවත්ව ඇති බවත් සැකකරු නොමැතිව නඩු විභාගය පවත්වා පානදුර මහාධිකරණය ඔහු වරදකරු කරමින් පසුගිය ජනවාරි මස 31 වැනිදා මරණ දඬුවම නියම කළ බවත් පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා හලාවත ප්‍රදේශයේ ජීවත් වන බවට මෑතකදී පිහිටුවූ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරකට හලාවත පොල් වත්තේදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් සැකකරු මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු වීම නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd