(යොහාන් භාසුර)
වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය.
මෙරටට පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් එක්ලක්‍ෂ පනස් එක්දහස් හාරසිය අනූහයක් (151,496) පැමිණි බවත් එම සංඛ්‍යාව 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව බවත් එම අධිකාරිය කීය.
මෙම වසර ගතවූ මාස 11 තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 13 කට ආසන්න සංඛ්‍යාවක් (1,276,951) මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන සංචාරකයින් ගණන් කරනව වගේම ගුවන්තොටුපළ කාර්යක්ෂම කර පිළිවෙලක් කරන්නත් බලධාරීීන් උනන්දු විය යුතුයි .නැත්නම් එන අය යන්නේ නැවත ආයෙ නම් එන්නෙ නෑ කියලා.ඒ තරම් අපිළිවෙලයි ගුවන්තොටුපළ
ජෙප්පෝ මේවගේ නෙව්ස් වලට කැමති නෑ
ජෙප්පෝ මේවගේ ඒවට කැමැති නෑ...!
රටට හෙණ ඉල්ලන විපක්ෂයට කෙසේ වෙතත්, පොදුවේ ශ්‍රී ලාංකිකයනට සතුටු විය හැකි තත්වයක්. පහුගිය කාලේ විපක්ෂය නොකළේ මොනවාද සංචාරකයන මෙරටට පැමිණීම වලක්වන්න. විශේෂයෙන්ම ගෝටා ජනපති වූ පසු.
විදේශ ගමන් බලපත්‍රයක් අරන් ලංකාවට ඇතුල්වෙන ලාංකිකයෙකුත් විදේශ සංචාරකයෙක් විදිහටයි ගණන් ගැනෙන්නේ
විදේශ ගමන් බලපත්‍රයක් නිකන් හන්බවෙන්නේ නැහැනේ. අවුරුදු ගානක් විදේශ රටක වැඩ කරන්න ඕනේ. අනික එහෙම කෙනෙක් ලංකාවට අපුවහම මෙහෙ වියදම කරන්නේ ලංකාවේ හන්බකරගත්ත සල්ලි නෙමේනේ. විදේශ මුදල්. එනිසා විදේශ ගමන් බලපත්‍රයක් අරන් ලංකාවට ඇතුල්වෙන ලාංකිකයන විදේශ සංචාරකයන් විදිහටයි ගණන් ගන්න එකේ කිසිම වැරද්දක් නැහැ. ඒ විතරක් නෙමේ ලංකාවේ ගමන් බලපත්‍රයක් අරන් විදේශ රටක වැඩ කරලා ලංකාවට සංචාරයකට එන මිනිස්සුත් කරන්නේ ඒවගේ දෙයක්මයි. හරිනම් ඒ මිනිස්සුත් මේකට එකතු වෙන්න් ඕනේ.