
(ළහිරු හර්ෂණ)
‘‘කැලීන් පොපියුලර් එවෝඩ් 2024‘‘ සම්මාන උළෙලේදී වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය. බත්තරමුල්ල වෝටසර් ඒජ් හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි.
ලංකාදීප පුවත්පතේ විශේෂාංග සමකර්තෘ චමින්ද මුණසිංහ මහතා රංගන ශිල්පී සාරංග දිසාසේකර මහතා අතින් සම්මානය සහ සහතිකය ලබා ගත්තේය.
වී කෙයාර් ස්කින් ක්ලිනික් ආයතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ සහ ප්‍රවීන රංගන ශිල්පිනී මල්කාන්ති ජයසිංහ මහත්මිය ද අසල සිටී.


COMMENTS
නියමයි අපි ආදරය කරන පුවත්පත දිනෙන් දින ජයවේවා!!!!!!!!
ලංකාදීපයට සුභපැතුම්.
සමබර පුවත් පත ලංකාදීප
ජය ජය ජය වේවා!!!!!!
ලංකාදීපය සදාකල් දිනේවා
ලංකාවේ ඇති එකම සමබර පුවත්පත ලංකාදීපය කර්තෘ මණ්ඩලයේ හැමෝටම ජය
නියමයි නේ ලංකාදීපයට ජයවේවා
මමත් කලකට පෙර ලංකාදීප, ටයිම්ස් පුවත්පත්වල හබරාදුව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කර තිබෙන නිසා මෙම පත්‍රවල උසස් ගුණාත්මක වාර්තාකරණය ගැන හොඳින් දනිමි, ඒ ගැන පුදුම නොවෙමි. ලංකාදීපයට මෙවැනි සම්මාන ලැබීම ගැන මා ඉතාම සතුටට පත් වෙනවා. තව බොහෝ කාලයක් මෙවැනි උසස් සම්මාන වලින් පිදුම් ලැබීමට "ලංකාදීප" යට වාසනාව ලැබේවා !! ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියළු කාර්ය මණ්ඩලයට මගේ සුබපැතුම්!!!
ජයෙන් ජය
සුබ පැතුම් ලංකාදීපයටට...
පුවත්පතේ පලකරන ලිපි සදහා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ඉතාමත් අගය කරන්න ඕන ලංකාදීප පත්තරේ දිගුකල් දිනේවා චිරං ජයතු.
උණුසුම් සුබපැතුම් ලංකාදීප !!!
සතුටුයි. සුබ පැතුම්. අපේ අදහස්වලටත් ඉඩකඩ ලබාදීම පිළිබඳවත් ස්තුතියි... කෙසේවුවත් ලංකාදීපය වැනි ජාතික මාධ්‍යයකට සම්මානය පිරිනැමීමට ඒ මට්ටමේම කෙනෙක් තෝරා ගැනීමට සංවිධායකයන්ට නොහැකි වීම කණගාටු දායකයි.
මේ දවස්වල අපක්ෂපාතීව හැසිරෙන ප්රමුඛ පුවත් පත ලංකාදීප . සුබ පැතුම් !
සුබ පැතුම්...!
ජයවේවා. ආඩම්රබයක්