දීර්ග කාලයක් සිරගත ව සිට, නිදොස් කොට නිදහස් ලැබූ රැඳවියා බවට ඇමෙරිකන් කළු ජාතික ග්ලින් සිමෝනස් සැලකෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ග්ලින් සිමෝනස් වසර 48ක්, මාසයක් සහ දින 18ක් සිරගත ව සිටි අයෙකි.
1974 දී ඝාතනයක් සම්බන්ධයෙන් ඔහු සිරගත වී ඇති අතර, ඔක්ලහෝමා විනිසුරුවරයකු විසින් ඔහු ව නිදොස් කොට නිදහස් කර තිබේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 70 කි.
ඔක්ලහෝමා නගරයේ තදාසන්න ප්‍රදේශයක මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමක දී කැරොලින් සූ රොජර්ස් නමැති පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ග්ලින් සිමෝනස් ට චෝදනා එල්ල වී තිබිණි. 1975 දී සිරදඩුවම් නියම වෙද්දී ඔහුගේ වයස අවුරුදු 22කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසර 48 ක් දඩුවම් විදීමෙන් පසු නිදහස ලබයි
අරවින්ද මොනරවිල Thursday, 21 December 2023 07:07 PM
ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන බයිලා ගහන ඇමරිකව තවමත් කළු ජාතිකයින්ට සලකන්නේ දෙවැනි පංතියේ පුරවැසියන් ලෙසටයි. තමන්ගේ ජීවිතයෙන් හොඳම කාලයෙන් අවුරුදු 48ක් නිකරුනේ සිරගෙයක සිරකර තබා සිටියේම ඔහු කළු ජාතිකයෙන් නිසා විය හැකියි.
NamalThursday, 21 December 2023 08:48 PM
මෝඩයෙක් වගේ කතා කරන්න එපා… මම ඉන්නෙත් ඇමරිකාවේ, ඇමරිකාව කියන්නේ සමානාත්මතාවය උපරිමයෙන් ඇති රටක්… නඩු තීන්දුවක් වැරදීම ඕනෑම රටක විය හැකියි… බන්කොලොත් දූපතක ඉදන් ඇමරිකාවට ගරහන හැටි මෝඩයි
ගාමිණී Friday, 22 December 2023 01:01 PM
අප්පේ ඔයා ඉන්නේ අමෙරිකාවේද? ඔබලා වගේ පරගැති වහල්ලු ඔහේටම වෙලා ඉන්න. අපි මේ දූපතේ ඉන්නම්...!