(ටී.කේ.ජී.කපිල)
කුවේට් ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 42 ක් අද ( 27) උදෑසන යළි ශ්‍රී ලංකාවට එවා තිබිණි.
ඔවුහු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවෝ වූහ .
වසර දෙකකට අඩු කාළයක් සේවය කර තිබුණ ද , ඔවුන්ට ඒ සදහා වැටුප් ගෙවා නොතිබුණි .
ඔවුන් ගෘහ සේවය සදහා යොමු කර තිබු නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදර ඔවුන්ට සිදු වී තිබූ අතර, වැටුප් නොගෙවීම නිසා ද, මෙම සේවිකාවන් තවදුරටත් එම නිවෙස් වල නොසිට , පලා විත් , එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට , යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර , ඔවුන්ට හිමිවිය යුතු වැටුප් , එම ඒජන්සිකරුවන් විසින් ලබා ගෙන තිබුණි .
පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර , ඔවුන් " සබායා ගිලිස් " සහ " අබු අලීෆා " හි රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තිබී ඇත . මෙම රැදවුම් මධ්‍යස්ථාන වල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව,අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටිය බවද ඔවුහු සඳහන් කළහ.
මෙම පිරිස සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරණ ගුවන් යානයෙන් අද (27) උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමනි පෞද්ගලික අංශයේ රෝහල් සමග අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාල පිහිටුවා හෙද උපධීදාරීන් බිහිකරන්න.
පිටරට විශ්ව විද්‍යාල හා සම්බන්ධ කරගනිමින් රජයෙ හවුල්කාරිත්වය ඇතුව අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාල බිහිකර එමගින් එන ලාබය දුප්පත් ළමයින්ට උසස් අධ්‍යාපනය අවස්ථා ඇති කිරීමට ගන්න
යන්නේ කොහෙද මල්ලේ පොල්..................
තවත් ඛේදවාචකයක්. සුර සැප විදින නිලධාරින් මර නින්දේ. මෙවන් විපත් වලට වැට බදින්නේ කවදද?
මෙවැනි හිරිහැර වලට ලක්වන අපේ ගෘහ සේවිකාවන්ට ඒ රටවල අනාථ නොවී නැවතත් පහසුවෙන් ලංකාවට පැමිණෙන්නට ඉඩ පාදා දුන්නේ යහපාලන රජයෙනි.