
(ජනුර් කිවිලාන්)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය වසර දහය තුළ තුන් ලක්ෂ පනස් දෙදාහක් පොල් ගස් කපා දමා තිබෙනවා. පොල් අක්කර 4072 කට්ටිකර ඇති බව හිටපු ලේකම් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය පද්මකාන්ත වඳුරාගල මහතා පැවසීය.
දැනට වසර තිහකට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් අක්කර ලක්ෂ තුනක් තිබූ අතර 2024 වර්ෂය වන විට ඇත්තේ පොල් අක්කර 93.000.ක් පමණ බවත් පොල් ගස් ලක්ෂ දෙකකට වැඩා කපා විනාශ කර ඇති බවත් ඒ මාහතා පැවසීය.
ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරිම තාවකාලිකව නවතා එම පොල් දේශීය වෙළඳ පොළට දැමිය යුතුය.එසේ නැතිනම් පොල් මිල පාලනය කිරීම සඳහා පොල් ආනයනය කළ යුතු බවද ඒ මහතා කිය.
පොල් ඵලදාව ආරක්ෂා කර ගැනීම සඳහා දිගු කාලීන විසඳුමක් ලෙස රිලව් පන්නා දැමීම සඳහා ලංකාවේ පර්යේෂණ ආයතනයක් විසින් උපකරණයක් සාදා ඇති අතර එය වෙළඳපොළට නිකුත් කර නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපනයනය නතර කලොත් ඒ වෙලඳපල සදහටම නැති වෙනවා. ආනයනය කලොත් මිල හොඳටම බැහැලා ඉතුරු ගස් ටිකවත් නඩත්තු කරගන්න බැරි වෙනවා. වන සතුන්ගෙන් වෙන හානිය මර්ධනය කරන්න වැඩ පිළිවෙලක් ගේන්න. ඒකයි විසඳුම.
පොල් සංවර්ධන අධිකාරියේ පරණ දූශිතයෝ වටකරගත්ත අලුත් සභාපති මේවට විසදුම් දීම පැත්තක තියලා හම්බකරන්න මාර්ග හොයනවා. මාලිමාවත් මෙහෙම කරයි කියල කවුරුත් හිතුවේ නෑ.
පොල් මිල බස්සන්න, බාර හාර වලට පොල් ගහන එක නවත්වන්න ඕනෑ. පොල්තෙල් පහන්වලට පොල්තෙල් ලීටර දහස් ගණන් ඕනෑ...
සුදු මැස්සා පාලනයට අදාල ආයතන වලින් කිසිම උත්සාහයක් නැහැ.
වර්තමානයේ ලංකාවේ පොල් වලින් පොල් තෙල් නිෂ්පාදනය නොකරයි. අපනයනය හා ආහාරයට පමණක් යොදාගනියි . වසරේ මාස කිහිපයක් අපනයනය නොකිරීම එක විකල්පයක් .