
( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ජංගම දුරකථන අංක දෙකක් භාවිතා කරමින් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ මහතාට අද (18) අලුයම 12.30 සිට එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණ බවත් එය ලබා දුන් දුරකථන අංක දෙක ද සමඟ පැමිණිලි කොට තිබේ .
එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දෙනු ලැබූයේ කාන්තාවක් විසින් බවද පැමිණිල්ලේ සඳහන්ය .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් කිරිඇල්ල ගේ වැඩක්
කිරිඇල්ලගේ දුරකතනය බලන්න, නැත්නම් පරණ ටෙලිෆෝන් එකකින් වෙන්න ඕනැ. අනුන්ගේ කුණු හෝදන්න ගිහින් තමුන්නැහැට වෙච්ච වැඩේ. පව් කියනවා හැර වෙන මොනවා කියන්නද?
ස.ජ.බ ඇතුළේ ප්‍රශ්න ඕවා. ඒවා ප්‍රසිද්ධ කරලා දේශපාලන වාසි ගන්න හදනවා.
මේ කවුද….? පොහොට්ටුවෙක්ද…?