IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වසන්ත මුදලිගේට එරෙහි නඩුවකට දින දෙයි

(රෝෂන් තුෂාර)

විශ්ව විද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යාධාර දීමනාව වැඩිකර පහසුකම් සලසන්නැයි ඉල්ලමින්  2022 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ  අන්තර් විශ්ව විද්‍යාලයේ බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 10 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (21) නියෝග කළේය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන පරිදි කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ කුරුදුවත්ත පොලිසිය මගින් පැවරූ පැමිණිල්ල මෙසේ කැඳවීමට දින නියම කළේය.

 ඇප මත මුදාහැර  සිටින රන්කරව්වැවේ ජිනරතන හිමි,ගල්වැව සිරිදම්ම හිමි,චානක සඳරුවන්,අන්තර් විශ්ව විද්‍යාලයේ බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මුදලිගේ වසන්ත කුමාර,ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කළ අතර අධිකරණයේ පෙනී නොසිටි නමවෙනි සැකකරුට වරෙන්තු නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (1)

වසන්ත මුදලිගේට එරෙහි නඩුවකට දින දෙයි

Chandrasena Tuesday, 22 October 2024 10:48 AM

පිනට කන්න බලන් ඉන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site