
(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් අද (25) දා පාසලේ ඇති වැසිකිළි පිරිසිදු කිරීමෙන් පසු ඇති වූ සංකුලතාවයන් සහ ක්ලාන්තය තත්ත්වයන් හේතුවෙන් දරුවන් 22 කු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ නගරයේ ඇති සි.සි. දමිළ පාසලේ විවිධ වයස් කාන්ඩ වලට අයත් ගැහැනු දරැවන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති අතර ඔවුන් පහ සහ නවය වාට්ටුවල නේවාසික ප්‍රතිකාර ලබති.
-----------------------------------
(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් අද (25) දා පාසලේ වැසිකිළි පිරිසිදු කිරිමෙන් පසු ඇති වු රෝගී තත්ත්වයත් හේතුවෙන් දරැවන් 17 කු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
එම දරුවන් විසින් රසායනික දියර වර්ගයක් භාවිතා කර මෙලෙස වැසිකිළි පිරිසිදු කර ඇති අතර එහිදී ක්ලාන්තය ආසාදනය විම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත. මෙිි වන විට එම දරැවන් වෙත ප්‍රතිකාර ලබා දෙමින් ඇති බව බලන්ගොඩ රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනීපාරක්ෂක කම්කරුවන් නැති පාසල් කුමක්ද?
දරුවන් වැසිකිළි සුද්ද කරන්න යවපු අය ඔක්කෝටම හපන්. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ..
ලංකාව කියන්නේ පින්ලන්තය කියලාද හිතුවේ...?
මා දන්නා පරිදි ජපානයේ දරුවෝත් වැසිකිළි පිරිසිදු කරනවා. ලංකා පුතාගේ අදහසට මමත් එකඟයි. යොදා ගත් රසායනිකය ගැන ප්‍රමිති වාර්ථාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම සදුසු බව මගේ අදහසයි.