(සුමිත් ප්‍රේමතිලක සහ දයා හේමන්ත සිල්වා)

එකම පවුලේ සාමාජිකයන් පිරිසක් ගමන්ගත් මෝටර් අද දහවල් බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ගමන්ගත් රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මීට දින පහකට පෙර සංචාරකයන් පිරිසක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වූ කොස්ගස්හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීම අනතුර සිදුව ඇත.

අනතුරෙන් කිසිවකුට හානියක් සිදුව නොමැති බවත් පොලිසිය කීය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනෙකු සංචාරයක් සදහා වස්කඩුවේ හෝටලයකට පැමිණ නැවත පිටත්ව යාමේදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.

මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට මෝටර් රථය ගමන්කර ඇති බවත් , රියදුරු දුම්රිය දැක පසුපසට ගැනීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති බවත් පොලිසිය කිය.