
(සුජිත් හේවාජුලිගේ )
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවල තනතුරු වලට පත් කිරීමට සුදුසුම පුද්ගලයන්ට සහාය දෙන බවද ඔහු සඳහන් කළේය.
සර්ව ජන බලය පක්ෂය කෙටි කලකදී ලබාගත් දියුණුව සුවිශේෂ එකක් බව පැවසූ මහාචාර්යවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරු දෙසිය ගණනක් දිනාගත් බවද සඳහන් කළේය.
සර්ව ජන බලය මෙරටේ ඉදිරියට එන ප්‍රධාන දේශපාලන දහරාව බවට ඉදිරියේදී පත්වනු ඇතැයිද චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
පසුගාමී වැඩපිළිවෙළ හේතුවෙන් මාලිමාව මෙවර පළාත් පාලන ඡන්දයේදී පසුගිය මහ මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ විසිතුනක් අඩු කරගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනීම දුර්වල බොහෝ දෙනෙක් මාලිමාවේ ලාංඡනයයි, පදක්කමේ ලාංඡනයයි පටලවා ගත්තා කියලා හිතෙන්නේ මට විතරද?
අමුතු කෙනෙක්...!
රුපියල් අස්සේ අළුක්කාල් ගහන කවුද බොලේ මේ ඇලිස්….?
පාර්ලිමේන්තුවේ ඇමැතිකන් කරලා ආපහු විශ්ව විද්‍යාලයේ මහාචාර්යකමට ගියේ කොහොමද මෙයා...?
රාජපක්ෂ කඳවුරෙන් දේශපාලනයට අත්පොත තැබූ මොහු දේශපාලනයෙන් අනාථයෙක්. ඡන්ද පදනමක් නැති කයිවාරු කාරයෙක්.
සාටකයින්ගේ කරේ එල්ලුණු අය ගැන, අපි නම් හොඳාකාරවම දන්නවා. තමුන් ඒ කාලේ කියපු, කරපු දේවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.