(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය ලබා දෙන්නැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු හත්දෙනෙක්  ශ්‍රී ලංකාවේ චීන තානාපති  සී.චෙන්හොන්ග් මහතා හමුවී ඊයේ   ඉල්ලීමක් කළහ.

මෙම ඉල්ලීම කර ඇත්තේ අතුරලියේ  රතන හිමි, දයාසිරි ජයසේකර වාසුදේව නානායක්කාර අනුර ප්‍රියදර්ශන යාපා, වීරසුමන වීරසිංහ උදය ගම්මන්පිල සහ ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරුන් හත් දෙනාය.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව  චීන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

රටේ  වර්තමාන තත්ත්වය ගැනද මෙහිදී  දීර්ඝ වශයෙන්  සාකච්ඡාවී ඇත.