
(තිලකරත්න දිසානායක)
මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යගාරයක දී කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියත් සමග පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදු කළ වැටලීම්වලදී කල් ඉකුත් වු ආලේපන , ආනයනික විස්තර අඩංගු නොවන අලෙවිය සහ භාවිතය තහනම් කළ ආලේපන සොයා ගත් බව එම ඒකකය සදහන් කරයි.
මෙහිදී අධික මිල ගණන් යටතේ විකීණීම සිදු කළ සහ නිෂ්පාදකයකුගේ හෝ ආනයන කරුවකු නොමැති තහනම් ආලේපන විකීනීම් සිදු කළ වෙළෙඳුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන බැදුම්කර මත මුදා හැරීමට කටයුතු යොදා ඇත.
මෙම තහනම් ආලේපන භාවිතා කරමින් රූපලාවණ්‍ය කටයුතු කිරීම සිදු කළ සැලූන් පරීක්ෂා කිරීම සිදු කර ඒවායේ හිමි කරුවන් සහ සේවකයන් අත් අඩංගුවට ගෙන බැදුම්කර මත මුදාහැරීමට කටයුතු කොට තිබේ.
ඔවුන්ට විරුද්ධව මිනුවන්ගොඩ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේව රට පුරාවටම ක්‍රියාත්මක කරන්න බැරි . දිගින් දිගටම මෙහෙම කරනවා නම් මිනිස් ජීවිත රැකෙනවා.
කාටහරි කෙළවෙන්නම ඕන නිලධාරීන්ගේ ඇස් ඇරෙන්න...එහෙම වුණත් ඒක ටික කාලෙකට විතරමයි, අයෙත් තව කාටහරි කෙළවෙනකම්ම ආපහු පරණ නින්දටම යනවා...!!! දේශපාලුවොයි, රාජ්‍ය නිලධාරීනුයි, රටේ ජනතාවයි, ඔක්කොම වෙනස්විය යුතුමයි. නැත්නම් මේ රටට අබ සරණයි !!!