IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වීසා අංශය අවුල් කළාද: රජයෙන් පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ )

කටුනායක ගුවන්තොටුපොළේ  වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය

වීසා නිකුත් කිරීමේ අංශයේ කාර්මික දෝෂ නිරවුල් කිරීමෙන් පසු එහි කටයුතු නැවතත්  එම සමාගමට බාරදෙන බව පැවසූ ලේකම්වරයා වීසා නිකුත් කිරීමේ කටයුතු  විදේශ සමාගමට පවරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් බවද සඳහන් කළේය.



අදහස් (23)

වීසා අංශය අවුල් කළාද: රජයෙන් පරීක්ෂණයක්

Nimesh Friday, 03 May 2024 05:43 PM

වැදගත්ම ප්‍රශ්නේ, රජයේ දේවල් මෙහෙම ටෙන්ඩර් දාන්නේ නැතිව ඇමැති මණ්ඩලේ හිතුමතේට පෞද්ගලික සමාගම්වලට දෙන්න පුළුවන්ද?

:       7       108

චන්දිම Friday, 03 May 2024 05:58 PM

සමහරු මහ ලොකුවට කතා කරන්නේ කෘතීම බුද්ධිය ගැන. මේ රටේ ඔය වගේ මෘදුකාංග හදන්න පුළුවන් මිනිස්සු ඇත්තේම නැද්ද? කාගේ කවුද කියලා රටේ සාමාන්‍ය මිනිස්සු දන්නේවත් නැති කොහේද යන කොම්පැනියක් අල්ලාගෙන රටට එන්න ඉන්න සංචාරකයාගෙන් වැඩිපුර ඩොලර් 18ක් 25ක් විතර ඔවුන්ට පූජා කරනවා. කැබිනට් එක අනුමැතිය දුන්නලු ඒක කරගන්න කියලා. මොන කරුමයක්ද මේ ගුල්ලෝ ගහපු කැබිනට් එකෙන් කරන්නේ? රටට එන ඩොලරයවත් රැකගන්න ඕනෑ වෙලාවක නේද මේ අමන වැඩේ කරන්නේ? අපේ වරාය අපේ ගුවන්තොටුපොළ අපේ ගුවන් සමාගම අපේ ජාතික සම්පත් ඔය කිසි දෙයක් පාලනය කරගන්න අපිට බැරිද? දන්නා එකම දේ පිට මිනිස්සුන්ට දෙනවා. නැත්නම් විකුනලා සල්ලි ටිකත් හමාර කරලා ඊළඟ පරම්පරාවට නය පොල්ල තියනවා. ඔන්න මේ අයියලාගේ කෙරුවාව...ෙ

:       7       92

ඇල්මයිරාFriday, 03 May 2024 06:31 PM

කැන්ද ගස් වගේ බාල ලීයක් ඉරාගෙන අමුවෙන්ම කැබිනට් එක හැදුවොත් ලීය වේලෙනකොට කැබිනට් එක එහේට මෙහේට ඇඹරිලා දොරවල් වහන්න බැරි වෙනවා. පිටත සිටින ඕනෑම කෙනෙකුට පමණක් නොවෙයි සත්තු සර්පයින්ටත් ඒකට රිංගන්න පුළුවන්... ලංකාවේ තියෙන කැබිනට් එක ඒ වගේම නේද?

:       4       59

vipulaSaturday, 04 May 2024 03:30 PM

මේ රටේ ඉන්න ලොකුම හොරු ලේකම්ලා. මෙයාලාට ඕකෙ කුට්ටිය යනවා. ඒක සහතිකයි. අනික පුටුව බේරාගන්න ඕන වැඩකටම අත උස්සනවා.

:       0       12

Hafeel Friday, 03 May 2024 06:01 PM

ලෝකේ කොහේවත් ඉතා දුප්පත් රටකවත් මෙවැනි රටේ ආරක්ෂාවට අහිත කරන භයානක තීන්දුව ගන්නත් නැහැ. කරන්නත් නැහැ. අඩු තරමින් සෝමාලියා වගේ රටක් හෝ මේ වගේ තුච්ච වැඩක් කරන්නේ නැහැ. ඕනෑම අපරාධකරුවකුට පහසුවෙන් රටට ඇතුල් වෙන්න පුළුවන්. මෙහෙම නම්, රටට ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවක් මොනවාටද?

:       7       71

Perera Friday, 03 May 2024 06:06 PM

කවුරු හරි ගසාකනවා සෑහෙන ගානක්. කලින් ඩොලර් පනහට දීපු වීසා එකට දැන් ඩොලර් සීයක් ගන්නවා කියලත් තියෙනවා. ආසියානු කලාපයේ වැඩිම වීසා ගාස්තු ලංකාවේ. දැන් එයි සංචාරකයින් හෝ ගාලා. මේ ලේකම්ටත් ගානක් ලැබෙනවා ඇති...!

:       5       74

Lalla Friday, 03 May 2024 08:09 PM

මිල අධික බව ඇත්ත. ඉන්දියාව මැලේසියාව තායිලන්තය වගේ රටවලට සාපේක්ෂව ඉතා අධික මිලක්. සිංගප්පූරුව නොමිලේ යන්න පුළුවන්... අපි එච්චර පොරවල්ද?

:       1       35

chandima Friday, 03 May 2024 07:09 PM

හීන් නුලෙන් ඇඟට පතට නොදැනී, රටටත් නොදැනී, ලංකාවට එන සංචාරකයින් මැරෙනකල් ගාණක් එන්න හදාගත්තු පාර අවුල් කළා වගේ නේද?

:       2       42

chandima Friday, 03 May 2024 07:32 PM

වීසා ගාස්තුව වැඩියි කියන නිසා තමයි ආණ්ඩුවට එන ගාස්තුව බින්දුවට බස්සලා සාක්කුවට එන ගාස්තුව විතරක් අය කරන්න යන්නේ...?

:       2       36

Jothipala Friday, 03 May 2024 07:35 PM

අනිවාර්යෙන්ම බාරදෙන්න ඕනෙනේ... ඒ මොකද ඒ පෞද්ගලික සමාගමට බාරදුන්නේ නැත්නම් ඒ දුන්නු කෝටි ගාණක කොමිස් මුදල් නැවත දෙන්න වෙනවනේ..., එහෙම දුන්නේ නැත්තම් ඉතිං ඉරානයේ "ටෙරාන්" නුවර ඉවරම තමයි...!

:       2       38

බණ්ඩා Friday, 03 May 2024 08:03 PM

නෑ, නැවත දීමේ අවශ්‍යතාවයක් නෑ. ඒක අවලංගු කොට නියමිත ගණන පමණක් ගන්නා දේශීය ක්‍රමයකට යා යුතුයි. ටිරාන් අලස්ට ඕනේ ඕනේ දේවල් කරන්න දෙන්න බෑ. එහෙම කළොත් අධිකරණයට යා යුතුයි...

:       3       46

විජිත් Friday, 03 May 2024 09:06 PM

ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවාද? කැබිනට් එක කියන්නේ දෙවියන්ද? අපේ රටේ කැබිනට් එකේ ඉන්න ඔක්කොම හොරු, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයින්, පට්ට මෝඩයෝ... මොවුන්ට ලැජ්ජා නැහැ.. ඒ වගේ හොරුන්ට මුට්ටි අල්ලන්න. හොඳයි ඔහොම යමල්ලා තව මාස 4 ක් විතර...!

:       1       35

සෙනෙවිරත්න Saturday, 04 May 2024 04:19 AM

යන යකා කොරහත් බිඳගෙන යනවා, කෝ මෙතැන රනිල් පොහොට්ටු සංධානය රට බේරාගත්, 48දී රට හදනවා කියලා වැලලෙන සෙට් එක. ජවිපෙට වෘත්තීය සංගම් වලට බැනපල්ලා, 88/89 අයිඩෙන්ටිය ඉල්ලගෙන වැලපෙමු. ඔන්න හූ ඇන්පී ශ්‍රී ලංකා කෙරුවාව, 88/89 වගේ නම් මෙලහකට ඔය කට්ටිය කීප දෙනෙක් එලොව.

:       0       6

සෙනෙවිරත්න Saturday, 04 May 2024 04:21 AM

නාකි හම්පඩ නායකයාටයි, කප්පංකාර ගුවන් ඇමැතිටයි. දේශබන්දු රකින ඇමැතිටයි රටට කරන්න පුළුවන් ලොකුම හතුරුකම් කරලා ගෙදර යන්න හදන්නේ. මාලිමාව යටතේ හිරගෙට...!

:       0       7

sisira mudalige Saturday, 04 May 2024 04:46 AM

මිනිස්සුන්ගේගඡන නැතිව හන්දියෙන් අල්ලලා ගෙනත් පුටුවේ ඉදපු ජනපතිතුමනි සිය කැමැත්තෙන් තොර පත්කල ස්වෙච්ඡා කිකරු කැබිනට් එක ගැන නේදඔය කියන්නේ?

:       0       10

බිනුරි Saturday, 04 May 2024 04:49 AM

ලේකම්තුමා රජයේ තනතුරු සදහා බදවා ගැනීමට ගැසට් කිරීමේදී ගැසට් පත්‍රයේ දිනයේ සිට අවම වශයෙන් මාසයක් වත් තියෙන්න අවශ්‍ය බව ඔබතුමා දන්නවා ඇති නේද .ඔබේ අමාත්‍යාංශයේ තියෙන ආගමන හා විගමන පාලකගේ අයදුම්පත් කැදවීමක් මගින් එම අවශ්‍යතාව නැතුව අප්‍රේල් 5 ගැසට් පත්‍රයේ එක් තනතුරක් සදහා දින දීලා තිබුනේ දින විස්සක් පමණයි ඒකෙනුත් වැඩ කරන දින ඉතාමත් සීමිත වුනේ සිංහල අවුරුදු නිසා කියන්න අවශ්‍ය නැහැ එහෙම කලේ ඇයි කියලා විමසා බලා අපටත් ඉදිරිපත් වීමට අවස්ථාව සලසන්න එහෙම නැත්නම් බදවා ගැනීම කුමක් හෝ වංචාවක් කියලා හිතෙනවා

:       0       13

anuththara Saturday, 04 May 2024 04:54 AM

වීසා මිල අධික වෙන්නේ නැද්ද? විසා සමාගමෙන් ගාස්තුව කොන්ත්‍රාත්තුව දුන්න රොත්තුටම රට සල්ලි වලින් පිටරට බැංකු ගිනුම් වලට යවන මුදල්..මේ සේරම එක්වුනාම තමයි මිල අධික වෙන්නේ..

:       0       15

Rata Perata Saturday, 04 May 2024 09:38 AM

ඔව් කොහොමහරි ආයෙත් එම සමාගමට බාරදෙන්න වෙනවා. මොකද නැතිනම් කාපු ජරාව ටික ආයෙත් දෙන්න වෙනවනේ. මේ වගේ අමන දේශපාලකයින්...!

:       0       15

Nilantha Gamage Saturday, 04 May 2024 11:15 AM

කිව්වනේ හරියන්නේ නෑ කියලා...

:       0       12

chandima Saturday, 04 May 2024 08:49 PM

කැබිනට් මණ්ඩලේ කැමැති වුණා කියලා පුළුවන්ද රට විකුණන්න? අපි ණය ගෙවන්නයි උන් සල්ලි බෙදාගන්නයි...

:       0       0

Bamunuarachchi Sunday, 05 May 2024 02:23 AM

ඔව් visa අංශය අවුල් කළා. ඒ කව්රුවත් නොවෙයි මෙතෙක් කල් හොඳට කරගෙන ආ visa ක්‍රියා පටිපාටිය ඉන්දියන් කාරයින්ට දීපු ඇමැතියෝ තමයි කෑවේ. කාලකන්නියෝ. අර සමාගම ගන්න ඩොලර් 25 කොටසක් මොවුන්ට යනවා ඇති ෂුවර් එකට‍ම. යහපාලනේ කාලේ වරායේ කන්ටේනර් චෙක් කළාම ඇමැතිලා දෙන්නෙකුට ගාන ගියා කියලා ඒ කාලේ කිව්වා මතකයි...

:       0       0

Lalith Sunday, 05 May 2024 03:08 AM

රටකට එන සන්චාරකයෝ අතර ඒ රටවල රාජ්‍ය නිලධාරින්, රහස් ඔත්තු සේවා නිලධාරින්, ආරක්ෂක නිලධාරින් වැනි අයත් සිටිනවා. ඔවුන් නිවාඩුවක් ගතකිරිමට අපේ රටට එන්නේ සිය පවුල පිටින්. මොවුන්ගේ ජීව දත්ත මේ සමාගම හරහා වෙනත් රහස් ඔත්තු සේවා අතට පත්වීමට ඉඩ තිබෙනවා. අන්තර්ජාලයේ ප්‍රවුර්ති වලට අනුව මේ සමාගමේ පාකිස්තනයේ දත්ත පද්ධතිය බිඳ වැටී තොරතුරු සොරාගෙන තිබෙනවා. මෙවැනි අනාරක්ෂිත ලෙස දත්ත හසුරුවන සමාගමකට, අපේ රටට අතුලුවන පිටවන සියලුදෙනාගේ ආගමන විගමන දත්ත හැසිරවීමට ලබාදීමෙන් නිවාඩුවට එන ඒ විදේශික නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවිත වලට පවා අනතුරක් වීමට ඉඩ තිබෙනවා. ඔවුන් රටට ඇතුලුවුනු පසුව ඒ සතුරන්ට ඔවුන් සොයා ඒමට කල් තිබෙනවා. එවැනි අනතුරක් සිදුවුවහොත් වගකිවයුතු වන්නේ අපේ ආරක්ෂක අංශ මිස ටිරාන් අලස් හෝ ඔහුගේ හොර විසා සමාගම නොවෙයි. මේ තත්වය මත විශේෂයෙන් ඇමෙරිකනු හෝ වෙනත් යුරොපිය රාජ්‍ය නිලධාරින් එන්නට පෙර යලිත් වරක් සිතා බැලිය යුතුයි කියා මා සිතනවා.

:       0       0

අමල් Sunday, 05 May 2024 11:02 AM

යුක්තිය, කැබිනට් එකට එන්න කලින් ලෝකෙටම පොලුතිබ්බා.. මෙයා මේ ඉන්න ටිකේ, ගාන කපාගෙන කොරහත් බිඳගෙන යන්න හදනවා. මෙයාගේ තාත්තා gateway එක හැදුවේ, රජයේ සේවක විදුහල්පති පඩියෙන්ම කියලද හිතන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site